ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූවන් සංඛ්‍යාව 66,000 ඉක්මවයි

මැයි 28, 2020

මාර්තු 20 දින සිට ඇඳිරි නීතිය උල්ලංඝනය  කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 66,519 දෙනෙකු සහ රථවාහන 18,733 ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය මීට ටික සුළු මොහොතකට පෙර තහවුරු කරන ලදි.

ඒ අනුව අද (මැයි 28) දින අලුයම 4.00 ට අවසන් වූ ඇදිරි නීති කාලසීමාව තුල පුද්ගලයින්  178 දෙනෙකු සහ රථවාහන 38 ක් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මේ වන විට ගොනු කර ඇති නඩු සංඛ්‍යාව  21,787 කි.