රජයේ වෙබ් අඩවි දෙකකට සයිබර් ප්‍රහාරයක්

මැයි 30, 2020

රජයේ වෙබ් අඩවි දෙකකට අද උදෑසන (මැයි 30) සයිබර් ප්‍රහාරයක්

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා, පළාත් පාලන අමාත්‍යංශයේ සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ නිල වෙබ් අඩවි වලට සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සයිබර් ආරක්‍ෂක මධ්‍යස්ථානය තහවුරු කළේය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (SLCERT) වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.