පිලිපීන ජාතිකයින් රැගෙන යාමට නාවික හමුදා නෞකා දෙකක් මෙරටට පැමිණේ

මැයි 30, 2020

ශ්‍රී ලංකාවේ අතරමංව සිටි පිලිපීන ජාතිකයන් කණ්ඩායමක් රැගෙන යාමට කොළඹ වරායට පැමිණි පිලිපීන නාවික හමුදා නෞකා දෙකක් අද (30) දින නැවත පිටත්වීමට නියමිතය.  

වසංගත තත්වය හේතුවෙන් රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් සිදුකරන ලද මෙම මෙහෙයුම සෞඛ්‍ය සේවා මාර්ගෝපදේශයන්ට අනුව සිදුකරන ලදි. පැමිණෙන ලද නෞකාවන් සඳහා වන සැපයුම් අවශ්‍යතාවයන් නෞකා කාර්ය මණ්ඩලය වරාය පරිශ්‍රය තුලට ගැනීමෙන් තොරවම නාවික හමුදාව විසින් සපුරාදීමට අවශ්‍ය කටයුතු සිදුකර ඇත.  

මෙම කණ්ඩායමට රැකියා සහ සංචාරයන් සඳහා පැමිණි පිලිපීන ජාතිකයින් ඇතුලත්ව සිටියහ.