බෙලරුස් හි සිටි ශ්‍රී ලාංකිකයින් 275 දෙනෙකු මෙරටට පැමිණේ

මැයි 30, 2020

කොරෝනා වෛරස් තත්වය හේතුවෙන් බෙලරුස් හි අතරමංව සිටි විදෙස්ගත ශ්‍රී ලාංකික 275 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සිකුරාදා (මැයි 29) ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූඑල් 1206 ගුවන් යානයෙන් කොළඹට ළගා විය.  

ඔවුන් මෙරටට පැමිණි පසු වෛද්‍ය පරීක්‍ෂණයකට ලක්කර නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු කරන ලදි.