‘තුරු මිතුරු නව රටක්’ පැළ සිටුවීමේ තවත් වැඩසටහක් මුලතිව් හිදී

මැයි 30, 2020

‘තුරු මිතුරු නව රටක්’ ව්‍යාපෘතියට සමගාමීව 59 වන සේනාංකයේ යුධ හමුදා භට පිරිස් සඳුදා (මැයි 25) දින වට්ටප්පලෙයි කන්නගි අම්මාන් හින්දු කෝවිල් භූමියේදී පැළ සිටුවීමේ වැඩසටහනක් සිදුකරන ලදි.  

12 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ සහ 24 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් මෙම පූජනීය සිද්ධස්ථානය අවට ප්‍රදේශය තුළ පැළ සිටුවීමට උචිත පරිදි සකස් කර අඩි 7 කට වඩා වැඩි උසින් යුතු කොහොඹ පැළ 26 ක් රෝපණය කරනු ලැබීය.  

මෙම අවස්ථාව සඳහා 59 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ප්‍රියන්ත පෙරේරා, කන්නගි අම්මාන් කෝවිලේ ප්‍රධාන පූජකතුමන්, මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සාමාජිකයින්, ඇවලෝන් හෝටල් සහ ස්පා අධ්‍යක්‍ෂ, කෝවිල් කමිටුවේ සාමාජිකයින් සහභාගි වූහ.