පුද්ගලයින් 179 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වලින් පිටව යයි

මැයි 30, 2020

ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථානයන්හිදී නිරෝධායන ක්‍රියාවලිය අවසන් කල පුද්ගලයින් 179 දෙනෙකු අද (30) දින සිය නිවෙස් බලා පිටත්ව ගොස් ඇත.  

කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයට අනුව මේ වන විට ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථානයන්හිදී නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර පිටවගිය මුළු පුද්ගලයින් සංඛ්‍යාව 11236 කි.   

මේ අතර, දිවයින තුල නිරෝධායන මධ්‍යස්ථාන 43 ක තවත් පුද්ගලයින් 5,289 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටී.