එක්සත් රාජධානියේ සිටි තවත් ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු මෙරටට

මැයි 31, 2020

විදෙස්ගතව සිටි ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL 504 ගුවන් යානයෙන් පසුගියදා රාත්‍රියේ (මැයි 30) ලන්ඩනයේ සිට කොළඹ බලා පැමිණියේය.   

ඔවුන් මෙරටට පැමිණි පසු වෛද්‍ය පරීක්‍ෂණයක් සඳහා යොමු කරවීමෙන් අනතුරුව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් පාලනය කරන රාජගිරිය ආයුර්වේද රෝහලේ නිරෝධායන මධ්‍යස්ථානය වෙත යවා ඇත.