කොරෝනා වෛරසය ආසාදිත නැවියන් 388 දෙනෙකු සුවය ලබයි

මැයි 31, 2020

කොරෝනා වෛරසය ආසාදිතව සිටි නැවියන් 388 දෙනෙකු සෙනසුරාදා (මැයි 30) දින සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇත.   

මේ අතර, පසුගිය පැය 24 තුළ කොරෝනා වෛරසය ආසාදිත තවත් නැවියන් 25 දෙනෙකු වාර්තාවීමත් සමග ආසාදිත නාවිකයින් සංඛ්‍යාව 750 දක්වා වැඩි වී ඇත.

ආසාදිත නැවියන් 362 දෙනෙකු තවමත් රෝහල්වල ප්‍රතිකාර ලබා ගනිමින් සිටී.