බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ රාජකාරියෙදී සිටි යුද්ධ හමුදා සෙබළෙකුට කොරෝනා වෛරසය ආසාදිත බව තහවුරු වේ

මැයි 31, 2020

විදෙස්ගතව සිට බන්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට හරහා මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ට සහාය වීම සඳහා ගුවන් තොටුපල රාජකාරියේ යොදවා සිටි හමුදා සෙබළෙකුට  කොරෝනා වෛරසය ආසාදිත බව ඊයේ (මැයි 30) දින තහවුරු වී තිබේ.

මෙම වෛරසය ආසාදිත සෙබළා කුවේටයේ සිට ආපසු මෙරටට පැමිණෙන පුද්ගලයින් හට සහාය වීම සඳහා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ රාජකාරියේ යොදවා තිබී ඇත.  

මීට පෙර නිකුත් කළ මාධ්‍ය නිවේදනයට සංශෝධනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් නාලක කලුවැව පවසා සිටියේ සෙනසුරාදා (30) කුවේටයේ සිට ආපසු මෙරටට පැමිණි අයගෙන් වාර්තා වූ ආසාදිතයින් අතුරින්, එක් අයෙකු යුද හමුදා සෙබළෙකු ලෙස හඳුනාගෙන ඇති බවත් එම රෝගියා කුවේට් සිට මෙරටට නැවත පැමිණි පුද්ගලයෙකු ලෙස ගණනය නොකරන බවයි.