පානදුර අවන්හලට වෙඩි තැබු සැකකරුවෙකු විශේෂ කාර්ය බලකා අත්අඩංගුවට

මැයි 31, 2020

ගල්කිස්ස සොයිසාපුර ප්‍රදේශයේ අවන්හලකට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු විශේෂ කාර්ය සාධක බලකාය විසින් ඊයේ සවස (30) අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න සඳහන් කළේය.   

අවන්හලට වෙඩි තැබීමේ සිද්ධීන් දෙක සහ මීට පෙර අවස්ථාවකදී නාඳුනන කණ්ඩායමක් සමඟ එම ස්ථානයට පහරදීම සම්බන්ධයෙන් සැකකරුවෙකු පානදුර ප්‍රදේශයේ සැඟවී සිටියදී අත්අඩංගුවට ගත් බව ඔහු defence.lk වෙත පැවසීය.  

වැඩිදුර පරීක්‍ෂණ කටයුතු සඳහා සැකකරු ගල්කිස්ස පොලිසිය වෙත භාරදී ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.