ශ්‍රී ලංකාවේ මරණ සංඛ්‍යාව 11 දක්වා ඉහළට

ජුනි 01, 2020

මීට සුළු මොහොතකට  පෙර 45 හැවිරිදි පිරිමි පුද්ගලයෙකුගේ මරණය වාර්තා වීමත් සමඟ ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසය හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව අද වන විට 11 දක්වා ඉහළ ගොස් තිබේ.

කුවේටයේ  සිට  පැමිණි ඔහු හෝමාගම මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සිටි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ  පැවසීය.

මේ අතර, අද (මැයි 31 ) දින තවත් රෝගීන් 13 දෙනෙකු වාර්තා වීමත් සමග මුළු කොරෝනා වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව 1633 දක්වාත්,  සුවය ලබා රෝහල් වලින් පිටව ගිය රෝගීන් සංඛ්‍යාව 801  දක්වාත් ඉහල යයි.