මොණරාගල ප්‍රදේශයේ සිදු වූ වෙඩිතැබීමකින් එක පුද්ගලයෙකු මරුට

ජුනි 01, 2020

මාරාව,මොණරාගල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 50 ක පුද්ගලයෙකුට ඊයේ (මැයි 31) දින රාත්‍රී 9.30 ට පමණ සිදු වූ වෙඩි තැබීමකින් එම පුද්ගලයා මිය ගොස් ඇත.

පවුලේ ආරවුලක් හේතුවෙන් වෙඩි තබා ඇති බවට ප්‍රදේශවාසියෙකුගෙන් ලද තොරතුරකට අනුව 119 පොලිස් තොරතුරු මධ්‍යස්ථානයෙන් ඒ බව මොණරාගල පොලිසියට දැනුම් දී තිබේ.

මොණරාගල පොලිස් ස්ථානය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා සෝදිසි මෙහෙයුම් ආරම්භ කර ඇත.