පුද්ගලයින් 5038 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන 44 කදී තවදුරටත් නිරෝධායනය වෙමින් සිටී

ජුනි 02, 2020

ත්‍රිවිධ හමුදාව විසින් මෙහෙයවනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 44 ක පුද්ගලයින් 5,038 දෙනෙකු  නිරෝධායනය යටතේ සිටින බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

මේ අතර, පල්ලෙකැලේ, කුණ්ඩසාලේ , ගන්නෝරුව නිරෝධායන මධ්‍යස්ථාන වලදී නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ තවත් පුද්ගලයින් 70 දෙනෙකු ඊයේ පිටව ගොස් ඇත.

වාර්තාවන්ට අනුව, ත්‍රිවිධ හමුදාව විසින් මෙහෙයවනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වලින් පුද්ගලයින් 11,558 දෙනෙකු මේ වන විට පිටත්ව ගොස් ඇත.