ගල්කිස්ස වෙරළ සංරක්ෂණ ව්‍යාපෘතිය සාර්ථකයි - වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්

ජුනි 02, 2020

  • ව්‍යාපෘතිය අරමුදල් නාස්තියක් නොවන අතර උතුරු ගල්කිස්ස දෙසට වෙරළක් නිර්මාණය වී  ඇත
  • වෙරළ ඛාදනය සඳහා ලෝකයේ හොඳම විසඳුම මෘදු ඉංජිනේරු ක්‍රමයයි
  • වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයෙන් බලපත්‍රයක් ලබාගෙන ඇත.

 ලුති.කොමා. ඩිලාන් ජයතිලක විසිනි
 
කෘතිම මෘදු වෙරළ සංරක්ෂණ ව්‍යාපෘතිය යනු සාර්ථක හා ඵලදායී ව්‍යාපෘතියක් වන බවත්  එය වෙරළ කලාපයේ වෙරළ ඛාදනය වැළැක්වීම සඳහා සැලසුම් කර ඇති අතර එය ගල්කිස්ස  සිට කළුතර දක්වා විහිදෙන බවත්  වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රභාත් චන්ද්‍රකිර්ති ඊයේ දින පැවසීය.

ඔහු පැවසුවේ, පසුගිය වසරේදී කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද රු මිලියන 890 ක ව්‍යාපෘතිය, ගල්කිස්ස  වෙරළ තීරයේ වෙරළ ඛාදනය වැළැක්වීම සදහා පමණක් නොව, කළුතර කැලිඩෝ වෙරළ සහ රත්මලාන හි අඟුලාන  වෙරළ පෝෂණය කිරීමට ද උපකාරී වනු ඇති බවයි.

ඛාදනය වැළැක්වීම සඳහා මෙම ව්‍යාපෘතිය යටතේ වැලි කෘතිමව පුරවා ඇති ගල්කිස්ස වෙරළ තීරයේ වැලි සේදීම පිළිබඳ චෝදනා ප්‍රතික්ෂේප කරමින් ඊයේ පැවති මාධ්‍ය හමුවකදී චන්ද්‍රකීර්ති පැවසුවේ  මාධ්‍ය විසින් සමස්ත ව්‍යාපෘතියේ එක් ස්ථානයක් පමණක් ඉස්මතු කර ඇති බවත් එම මාධ්‍ය වාර්තාවලට අනුව මහජනයා නොමඟ යවන බවත්ය

“සමස්ත පිරිවැය අතරින් , මේ වන විටත් ගල්කිස්ස ව්‍යාපෘතිය සඳහා වැය කර ඇත්තේ මිලියන 110 ක් පමණයි” ඔහු පැවසිය. “2017 වර්ෂයේ ජලයෙන් යටවීමෙන් පසු, අඟුලාන ,ගල්කිස්ස සහ  කළුතර කැලිඩෝ වෙරළ තීරයේ වෙරළ ඛාදනය සැලකිය යුතු ලෙස වර්ධනය වී තිබෙනවා. ” තවදුරටත් ඔහු ප්‍රකාශ කළේය.

වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ඉංජිනේරු (වෙරළ සංවර්ධන) සුජීව රණවක පැවසුවේ වෙරළබඩ හැසිරීම වරින් වර වෙනස් වන අතර අවසාදිතවල වෙනස්කම් ඇති වන බවයි.

“මිරිදිය ගංගා ජලය නිදහසේ ගලා යාම නිසා වෙරළබඩ ප්‍රදේශයට ප්‍රමාණවත් වැලි ගෙන එනු ලබන අතර එය ඛාදනය අවම කරයි. එහෙත්, පසුගිය කාලය පුරාම සිදුවන නීති විරෝධී මිරිදිය වැලි කැණීම් හේතුවෙන් මුහුද දෙසට එවැනි නිදහස් වැලි ප්‍රවාහය ක්‍රමයෙන් අඩුවී ඇත.” ඔහු පැහැදිලි කළේය.
 
දේශගුණික විපර්යාස හේතුවෙන් වෙරළබඩ ඛාදනය වෙරළබඩ තීරය දිගේ සිදු වූ බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස රට අභ්‍යන්තරයේ  සිට මුහුදට ගංගා වැලි ගලා ඒමේ අපේක්ෂිත ප්‍රතිශතය විශාල ලෙස අඩුවී ඇති බවත් එය වාර්ෂිකව ඝන මීටර 350,000 කට ආසන්න වන බවත් රණවක  පැවසීය.

මේ අතර, චන්ද්‍රකීර්ති කියා සිටියේ කළුතර ව්‍යාපෘතිය සඳහා පිරිවැයෙන් විශාල කොටසක් වෙන් කර ඇති බැවින් වැලි රත්මලාන සිට කැලිඩෝ වෙරළට මාරු කළ යුතු බවත් එය වැලි ඝන මීටර් 300,000 කින් පිරවීමට සැලසුම් කර ඇති බවත්ය.

“රත්මලාන සහ අඟුලාන ප්‍රදේශවලට වැලි ඝන මීටර් 350,000 ක් අවශ්‍ය වන අතර ගල්කිස්ස  වෙරළ පෝෂණය කිරීම සඳහා වැලි ඝන මීටර් 150,000 ක් අවශ්‍ය වේ. වැලි ඝන මීටර් 800,000 ක් වැලි කැණීමෙන් ලබා ගෙන ඇත.” ඔහු තවදුරටත් පැවසුවේය.

වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ව්‍යාපෘතිය පිළිබඳව ශක්‍යතා අධ්‍යයනයක් සිදු කර ඇති බව පැවසූ චන්ද්‍රකීර්ති , ඇඳිරි නීතිය යටතේ  ව්‍යාපෘතිය දිගටම කරගෙන යාමට හේතු පැහැදිලි කරමින් කියා සිටියේ රටේ පවතින කොරෝනා වෛරස් තත්ත්වය මත ඉදිකිරීම් ප්‍රමාද වීම හේතුවෙන් විදේශීය කොන්ත්‍රාත්කරුට අමතර විශාල මුදලක් ගෙවීම වැළැක්වීම සඳහා මෙය සිදු කළ බවයි.

“මෙම ව්‍යාපෘතිය පෙබරවාරි 14 වන දින ආරම්භ කල අතර කල්දැමීම සඳහා විධිවිධාන නොතිබූ බැවින් හා නියමිත කාල සිමාව තුල අවසාන කල යුතු හෙයින්  අප්‍රේල් මස අවසානය දක්වාම ව්‍යාපෘති කටයුතු සිදු කලේ  ප්‍රමාද වීම සඳහා ඉහළ ගාස්තු විදේශීය කොන්ත්‍රාත්කරු විසින් අය කරන හේතුවෙනුයි. ප්‍රමාද වීමේ ගාස්තු පැයකට රුපියල් 200,000 වන බැවින්, ඇඳිරි නීතිය මධ්‍යයේ වැලි පිරවීම දිගටම කරගෙන යාමට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අදාළ බලධාරීන්ගේ අනුමැතිය ලබාගෙන ඇත.”ඔහු පැවසීය.

ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පෙර පාරිසරික වාර්තාව ලබා ගැනීම පිළිබඳ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පවසා  සිටියේ  මධ්‍යම පරිසර අධිකාරියේ අනුමැතිය ලබාගෙන ඇත්තේ වළවල් කැණීම සඳහා පමණක් බවත් මෙම ව්‍යාපෘතිය සඳහා පාරිසරික බලපෑම් තක්සේරුවක් ලබා ගැනීම අනිවාර්ය නොවන බවත්ය.

ශ්‍රී ලංකාවේ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් නිකුත් කරන ලද බලපත්‍රයක් භාවිතා කරමින් මෙම ව්‍යාපෘතිය සඳහා වැලි ලබාගෙන ඇත්තේ රත්මලාන සිට කිලෝමීටර් 2 - 6 ක් පමණ දුරින් පිහිටි වැලි නිධියකින් බව චන්ද්‍රකීර්ති පවසයි.

කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද මූලික යෝජනාවට වැල්ලවත්ත  වෙරළ තීරය ඇතුළත් නොවීමට හේතුව පිළිබඳව ප්‍රතිචාර දක්වමින් චන්ද්‍රකර්ති පවසා  සිටියේ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට සුවිශේෂ  වෙරළ කලාප තුනක් ඇතුළත් වන අතර ගල්කිස්ස  වෙරළ තීරය සඳහන් කිරීමෙන් සමස්ත වෙරළ තීරයම අදහස් කරන බවයි.

කෙසේ වෙතත්, මෙම ව්‍යාපෘතිය සඳහා භාවිතා කරන මහජන අරමුදල් සම්බන්ධයෙන් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව වගකිව යුතු දැයි විමසූ විට ඔහු පවසා  සිටියේ ගල්කිස්ස  වෙරළ තීරයෙන් ඛාදනය වූ වැලි අපේක්ෂිත පරිදි අසල්වැසි වෙරළ තීරයන්හි  තැන්පත් වනු  ඇති බැවින් එය මහජන මුදල් නාස්තියක් නොවන බවයි.
 
දේශීය කොන්ත්‍රාත්කරුවෙකුට කොන්ත්‍රාත්තුව ලබා නොදෙන්නේ මන්දැයි ඇසූ විට චන්ද්‍රකීර්ති පැවසුවේ ජාත්‍යන්තර ලංසු තැබීමේ ක්‍රියාවලිය යටතේ එය විදේශීය කොන්ත්‍රාත්කරුවෙකුට භාර දුන් බවත්, වැලි නිස්සාරණය සඳහා වන යන්ත්‍රය රු. බිලියන 4 ක් වන අතර එය ශ්‍රී ලංකාව වැනි රටකට දැවැන්ත මුදලක් බවයි .

වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේහි ප්‍රධාන ඉංජිනේරු (සැලසුම් හා පර්යේෂණ) ලලානි රුහුනගේ පැවසුවේ දශකයකට  ආසන්න අත්දැකීම් සමඟින් කලාපීය ධීවර ප්‍රජාවේ සහ සංචාරක කර්මාන්තයට  හානි වන අයුරින් මෙම කලාපයේ මීටර් දෙක තුනක වෙරළ ඛාදනය ඔවුන්  විසින් දැක ඇති බවයි.

“එවැනි තත්වයක් තුළ වෙරළ පෙර පරිදි තබා ගැනීම සඳහා වැලි පිරවීම අත්‍යවශ්‍ය වේ. ශ්‍රී ලංකාව අත්විඳ ඇති ආකාරයට අප වැලි තොග ගබඩා කිරීම සදහා මෘදු ඉංජිනේරු ක්‍රමයක් භාවිතා කළ අතර එය කලින් හඳුනාගත් ස්ථාන කරා ගෙන වැලි ගෙනයාමට සහ උතුරු දෙසට දිය වැල් අනුව වෙනත් තැන්වල වැලි තැන්පත් කිරීමට ඉඩ ලබා දේ. එම නිසා, අපේක්ෂිත වෙරළ තීරයේ වෙරළ ඛාදනය අප අපේක්ෂිත පරිදි යම් මට්ටමකට අඩු වී ඇති බව අපි දුටුවෙමු.” ඇය පැවසීය.

රණවක පවසන ආකාරයට අනුව, වෙරළ තිරය පෝෂණය කිරීම දැඩි හා සරල  ඉංජිනේරු ක්‍රමවේදයන්ගෙන් සමන්විත වන අතර පාෂාණමය බාධකයක් ගල් තීරයක් තැනීම දුෂ්කර ඉංජිනේරු ක්‍රමවේදයක් වන අතර වෙරළ කෘතිමව වැලි යොදා පිරවීම,දිය වැල් මාර්ගයෙන් පිරවීම හෝ මුහුදු වෙරළට තීරය දිගේ ගසාගෙන යාම මෘදු ඉංජිනේරු ක්‍රමයන් වේ.

ලෝකයේ වඩාත්ම සාර්ථක හා පරිසර හිතකාමී ක්‍රමය ලෙස භාවිතා කරන මෙම මුහුදු වෙරළ නැවත වැලි යොදා පිරවීමේ ඉංජිනේරු ක්‍රමවේදය වෙරළ තිරය වැලි යොදා පිරවීම පමණක් නොව සමස්ත උතුරු දෙසට වූ සාගර තිරයේ වැලි නැවත පිරවීම සඳහා ද යොදා ගැනේ.

“මෙමගින් ස්වභාවිකවම ධීවර ප්‍රජාවන්ට මෙන්ම බස්නාහිර වෙරළ තීරයේ සංචාරක කර්මාන්තයටද යෝග්‍ය  වෙරළ තීරයක් නිර්මාණය කරනු ඇත.” යනුවෙන් සහ මුහුදු වෙරළ පිරවීම ශ්‍රී ලංකාවට අළුත් නොවන බවත්, 1986 වර්ෂයේ මීගමුව වෙරළ තීරයේදී වෙරළ පිරවීම ආරම්භ වූ බවත් ඔහු පැවසීය.

පළමුව මෙවැනි ව්‍යාපෘති  විදේශීය අරමුදල් මත සිදුකරන ලද අතර මෙවැනිම ව්‍යාපෘති රටේ මාරවිල සහ උණවටුන යන ප්‍රදේශවල ද ක්‍රියාත්මක කර තිබේ.

කෙසේ වුවද, මෑතදී නිරිතදිග මෝසම් තත්වයේ වර්ධනය හා සුළි සුළං සහිත කාලගුණික තත්ත්වයේ  වෙනස් වීමත් සමග  අනපේක්ෂිත ලෙස වැලි විශාල ප්‍රමාණයක්  ගල්කිස්ස අසල වෙරළ තීරයන්හි තැන්පත් වී ඇත.එබැවින් මෙය වැලි නාස්තියක් ලෙස සැලකිය නොහැකි යැයි ඔහු පැවසීය.