පුද්ගලයින් 11,669 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර ඇත

ජුනි 03, 2020

කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයට අනුව ත්‍රිවිධ හමුදාව විසින් මෙහෙයවනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වලදී නිරෝධායනය අවසන්කළ මුළු පුද්ගලයින් සංඛ්‍යාව 11,669 ක් වේ.

මේ අතර, ත්‍රිවිධ හමුදාව විසින් මෙහෙයවනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 40 ක් තුළ තවත් පුද්ගලයින් 5,243 දෙනෙකු නිරෝධායනයට ලක් වෙමින් සිටී.