ආරක්‍ෂිත රටක් ගොඩනැඟීමට සහ ශ්‍රී ලංකාවේ උරුමයන් රැකගැනීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායන්හි සභාපති ලෙස ආරක්ෂක ලේකම් පත් කෙරේ

ජුනි 03, 2020

සුරක්ෂිත රටක්, විනයගරුක, ගුණවත් හා නීත්‍යානුකූල සමාජයක්  ගොඩනැගීම සඳහා 13 දෙනෙකුගෙන් යුත් ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපතිවරයා ලෙස ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් විසින් පත් කර තිබේ.

මෙම පත්වීම ඊයේ (ජුනි 2) දින ගැසට් පත්‍රයේ පළ විය.

මෙම ජනාධිපති කාර්ය සාධක බලකාය ත්‍රිවිධ හමුදාපතිවරුන් මෙන්ම ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ  ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ගෙන් සමන්විත වේ.

ආරක්ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (සිවිල් ආරක්ෂක හා සංවර්ධන) සමන් දිසානායක ජනාධිපති කාර්ය සාධක බලකායේ ලේකම් ලෙස පත් කර තිබේ.

මීට අමතරව, නැගෙනහිර පළාතේ පුරාවිද්‍යා උරුමයන්  කළමනාකරණය සඳහා සාමාජිකයින් 11 දෙනෙකුගෙන් යුත් ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපතිවරයා ලෙසද  මේජර් ජෙනරාල් ගුණරත්න පත් කර තිබේ.

පුරාවිද්‍යා චක්‍රවර්ති පූජ්‍ය. එල්ලාවල  මේධානන්ද හිමියන්, නැගෙනහිර සහ උතුරු පළාත්වල ප්‍රධාන සංඝනායක  පනාමුරේ තිලකවංශ  හිමියන් මෙන්ම   විශ්ව විද්‍යාල ශාස්ත්‍රඥයින් සහ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් ජනාධිපති කාර්ය සාධක බලකායේ සෙසු සාමාජිකයෝ වෙති.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් විසින් කරන ලද මෙම පත්වීම ද ඊයේ (ජුනි 2) දින ගැසට් කරන ලදී.