සුවවූ නැවියන් 424 දෙනෙකු රෝහල්වලින් පිටව යයි

ජුනි 04, 2020

සුවවූ ශ්‍රී ලංකා නාවික හමුදා භටයන් 424 දෙනෙකු බදාදා (ජුනි 3)දින රෝහල්වලින් පිටව ගොස් ඇති බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

මේ අතර, කොරෝනා වයිරස් ආසාදිත නාවිකයින්ගේ සංඛ්‍යාව 763 දක්වා ඉහළ ගොස් ඇති අතර 339 දෙනෙකු මේ වන විට රෝහල්වල ප්‍රතිකාර ලබයි.