ඉටුකම COVID-19 සෞඛ්‍ය ආරක්ෂණ හා සමාජ ආරක්ෂණ අරමුදල රුපියල් මිලියන 1,243 ඉක්මවයි

ජුනි 04, 2020

ආයතනික හා තනි පරිත්‍යාගශීලීන්ගෙන් සෘජු පරිත්‍යාග සමඟ ඉටුකම COVID-19 සෞඛ්‍ය ආරක්ෂණ හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රු. මිලියන 1,243 බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

දේශීය හා විදේශීය පරිත්‍යාගශීන්ගෙන් ‘ඉටුකම’ වෙබ් අඩවිය හරහා ලැබුණු තැන්පතු රු 1,786,050 ක් වන අතර, මුළු මුදල මේ වන විට රු. 1,243,656,318.96 කි.

ජනාධිපති මාධ්‍ය අංශය පවසන පරිදි චෙක්පත්, විදුලි පණිවුඩ හුවමාරුව, www.itukama.lk හරහා හෝ ජංගම දුරකථන භාවිතයෙන් # 207# අමතා තැන්පතු කල හැකිය. වැඩි විස්තර සඳහා 0760 700 700, 0112 320 880, 0112 354 340 හෝ 0112 424 012 අමතන්න.