දේශීයව නිෂ්පාදනය කල ගිණි අවියක් නාවික හමුදා භාරයට

ජුනි 04, 2020

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ (ජූනි 3) මන්නාරමේ අච්චානකුලම්  ප්‍රදේශයේ පඳුරු සහිත වන ලැහැබක් තුල තිබී දේශීයව නිෂ්පාදනය කරන ලද ගිනි අවියක් සොයාගෙන තිබේ.

උතුරු මැද නාවික විධානයේ නාවිකයින් විසින් සිදු කරන ලද මුර සංචාරයකදී සොයා ගන්නා ලද ගිණි අවිය වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා මුරුන්කන් පොලිසිය වෙත භාර දී ඇත.