කොරෝනා වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ රෝගීන් 839 දෙනෙකු රෝහල් වලින් පිටව යයි

ජුනි 05, 2020

කොරෝනා වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ රෝගීන් 839 දෙනෙකු රෝහල් වලින් පිටව ගොස් තිබේ.

මේ අතර, ඊයේ (ජුනි 04) වාර්තා වූ රෝගීන් 48 දෙනෙකුද සමග මුළු කොරෝනා වෛරසය ආසාදිතන් සංඛ්‍යාව 1,797 දක්වා ඉහල ගොස් ඇත.

බ්‍රහස්පතින්දා වාර්තා වූ රෝගීන් අතුරින්  42 දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදා භටයන් බවට  තහවුරු වී ඇති අතර, ඔවුන් මේ වන විටත් කන්දකාඩු , ඔලුවිල්, අයියකච්චි  සහ මිහින්තලේ නිරෝධායන මධ්‍යස්ථානවල  වල නිරෝධායනය වෙමින් සිටී.

අනෙකුත්  රෝගීන් හය දෙනා බංග්ලාදේශය, ඩුබායි සහ ඉන්දියාවේ සිට ආපසු මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් වේ.

මේ වන විට කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 947 දෙනෙකු තවදුරටත් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටී.