නිරෝධායනය අවසන් කල පුද්ගලයින්ගේ සංඛ්‍යාව 11,709 දක්වා ඉහල යයි

ජුනි 05, 2020


අද (ජුනි 05) දින තවත් පුද්ගලයින් දෙදෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කිරීමත් සමග ත්‍රිවිධ හමුදාව විසින් මෙහෙයවනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වලදී නිරෝධායන ක්‍රියාවලිය අවසන් කල පුද්ගලයින්ගේ සංඛ්‍යාව 11,709 දක්වා ඉහල ගොස් ඇත.

නිරෝධායනය අවසන් කල පුද්ගලයින් දෙදෙනා වාද්දුව බ්ලු වෝටර් හෝටලයේදී නිරෝධායනයට ලක්වූ බව  කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

තවද, දිවයින පුරා ත්‍රිවිධ හමුදාව විසින් මෙහෙයවනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 45 ක පුද්ගලයින් 5,240 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලියට ලක් වෙමින් සිටී.