අවශ්‍යතා සහිත පවුල් සදහා යුද්ධ හමුදාවෙන් වියලි සළාක

ජුනි 05, 2020

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විශේෂ බළකා සේවා වනිතා ඒකකය විසින්  ඇල්කඩුව වතුයායේ අවශ්‍යතා සහිත පවුල් 23ක් සදහා වියලි සලාක පාර්සල් බෙදා දී ඇත.

මාතලේ පිහිටි විශේෂ බළකා මුලස්ථානයේදී මෙම වියලි සලාක පාර්සල් බෙදා දීම සිදු කෙරිණි.

මෙම ප්‍රජා ව්‍යාපෘතිය සදහා  විශේෂ බළකා මධ්‍යස්ථාන සේනාවිධායක සහ විශේෂ බළකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නිලධාරීන් සහභාගී වූහ.