මොණරාගල ඝාතන සිද්ධියේ සැකකරු වෙඩි වැදී මිය යයි

ජුනි 05, 2020

මොණරාගල ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු අද (ජූනි 5) පොලීසිය සමඟ ඇති වූ වෙඩි හුවමාරුවක් අතරතුර මිය ගොස් තිබේ.

පොලීසියට ලද තොරතුරකට අනුව, 31 හැවිරිදි සැකකරු සැඟව සිටි ස්ථානය පොලිසිය විසින් වටලා තිබේ.

පොලිසිය එම ස්ථානයට පැමිණි අවස්ථාවේ සැකකරු පොලිස් නිලධාරීන්ට වෙඩි තබා එම ස්ථානයෙන් පලා යාමට උත්සාහ කර ඇති අතර එම අවස්ථාවේදී පොලිස් නිලධාරීන් විසින් ප්‍රති ප්‍රහාරයක් එල්ල කර ඇත.

“කෙසේ වෙතත්, වෙඩි වැදීමෙන් තුවාල ලත් සැකකරු මොණරගල සිරිගල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇත.” පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න සඳහන් කළේය.

පොලිස් අධිකාරී සේනාරත්න පවසන පරිදි ඔහු සතුව තිබු අත් බෝම්බයක් සහ පතරොම් තුවක්කුවක් සොයාගෙන ඇත.

පසුගිය මැයි 31 වන දින මොණරාගල මාරාව ප්‍රදේශයේ සිදුකල වෙඩි තැබීමකදී 50 හැවිරිදි පුද්ගලයෙකු වෙඩි වැදී මිය ගියේය.

සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු  සිදු කෙරෙමින් පවතී.