ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මෙහෙයවන ඉරණමඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් නිරෝධායනය අවසන් කල නාවිකයින් 70 දෙනෙකු පිටව යයි

ජුනි 06, 2020

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මෙහෙයවන ඉරණමඩු නිරෝධායන මධ්‍යස්ථානයේදී නිරෝධායනය අවසන් කල  නාවිකයින් 70 දෙනෙකු  අද ( ජුනි 6) දින උදෑසන පිටත්ව ගොස් ඇත.

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා රජය ගන්නා උත්සාහයන්ට සහාය වීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාෂල් සුමංගල ඩයස්ගේ උපදෙස් පරිදි පිහිටුවන ලද ඉරණමඩු නිරෝධායන මධ්‍යස්ථානය එහි අණදෙන නිලධාරී ගෘප් කැප්ටන් රෝහණ පතිරණගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වේ.

මෙම ශ්‍රී ලංකා ගුවන් හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේදී  නිරෝධායනය අවසන් කරන ලද්දේ මැයි 20 වන දින වැලිසර  නාවික හමුදා කඳවුරේ සිට පැමිණි නැවියන් 70 දෙනෙකි.

PCR පරීක්ෂණ ප්‍රතිඵල වලින් පසුව කොරෝනා වෛරසයෙන් තොර බව සනාථ කිරීමෙන් අනතුරුව නිදහස් කරන ලද නැවියන් හට නැවත රාජකාරියට යාමට පෙර තවත් දින 14 ක කාලයක් ස්වයං නිරෝධායනය වන ලෙස උපදෙස් ලබා දී තිබේ.