ශ්‍රී ලංකා නාවික හමුදාව අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ පරිඝණකගත පරිලෝකන විකිරණ අංශය සඳහා ගොඩනැගිල්ලක් ඉදිකරයි

ජුනි 06, 2020

ශ්‍රී  ලංකා නාවික හමුදාව විසින් අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ පරිඝණකගත පරිලෝකන විකිරණ අංශය (CT scan) සඳහා ඉදිකළ ගොඩනැගිල්ල එම රෝහල වෙත භාරදීම පසුගිය සතියේ සිදු කරන ලදී.

ශ්‍රී  ලංකා නාවික හමුදා සිවිල් ඉංජිනේරුවන්ගේ ශ්‍රම දායකත්වයෙන් දින 50 කදී අවසන් කරන ලද මෙම ව්‍යාපෘතිය චාම් උත්සවයකදී නිල වශයෙන් රෝහල වෙත භාර දුන් අතර මේ සදහා සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි ද සහභාගී විය.