ජර්මනියේ සිටි තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් මෙරටට

ජුනි 06, 2020

ජර්මනියේ සිටි තවත් ශ්‍රී ලාංකිකයින් කණ්ඩායමක් අද උදෑසන (ජුනි06) මත්තල ගුවන් තොටුපල වෙත පැමිණ ඇත.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL 1105 ගුවන් යානය මගින් එම පිරිස රැගෙන එන ලද බව මත්තල ගුවන් තොටුපල රාජකාරි කළමනාකරු චමල් ප්‍රසාද් defence.lk වෙත පැවසීය.

ඔවුන් මෙරටට පැමිණි පසු වෛද්‍ය පරීක්‍ෂණයක් සඳහා යොමු කරවීමෙන් අනතුරුව නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කරවනු ලැබූ බව ඔහු පැවසිය.