ශ්‍රී නාගදීප විහාරයේ ‘සුදු බෝධිය’ වටා ඉදිකළ රන් වැට නිරාවරණය කෙරේ

ජුනි 06, 2020

යාපනයේ භට පිරිස් විසින් යාපනය ඓතිහාසික ශ්‍රී නාගදීප විහාරස්ථානයේ ‘සුදු බෝධිය’ වටා ඉදිකළ රන් ආලේපිත වැට පොසොන් පුර පසලොස්වක පොහෝ දින පැවති උත්සවයකදී නිරාවරණය කරන ලදි.

511 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් රෝහිත රත්නායකගේ සම්බන්ධිකරණයෙන් හැටන් නැෂනල් බැංකුවේ නීති අධ්‍යක්ෂිකා තුෂාරි රණවීර ඇතුළු තවත් කිහිපදෙනෙකු විසින් රන් ආලේපිත වැට ඉදිකිරීම සඳහා මූල්‍ය අනුග්‍රහකත්වය ලබා දී ඇත.

ශ්‍රී නාගදීප විහාරයේ විහාරාධිපති අතිපූජ්‍ය නවදගල පදුමකිත්තිතිස්ස හිමිපාණන්ගේ මඟපෙන්වීම මත පැවති මෙම ආගමික උත්සවය සදහා යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය, උතුරු නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් කපිල සමරවීර, 51 වන සේනාංකයේ සේනාංකාධිපති, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසුනිලයින් සහභාගි වූහ.