මානසික අබාධ සහිත පුද්ගලයෙකුට පහරදීමේ චෝදනාව මත පොලිස් නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම් කෙරේ

ජුනි 06, 2020

මැයි 25 වන දින අළුත්ගම, අඹගහ හන්දියේ පොලිස් මුරපොලේදී ඔටිසම් තරුණයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම් කර තිබේ. 

සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ පරීක්‍ෂණයකින් පසු උප පොලිස් පරීක්‍ෂකවරයකු, පොලිස් සැරයන්වරයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකු ‘රාජකාරිය ඉටු කිරීමට අපොහොසත් වීම’ සම්බන්ධයෙන් වැඩ තහනම් කර ඇති බව පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් පවසා  සිටී.  

වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්නගේ උපදෙස්  මත සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.