පුද්ගලයින් 338 දෙනෙකු නිරෝධායනය අවසන් කරයි

ජුනි 06, 2020

සති දෙකක නිරෝධායන ක්‍රියාවලිය අවසන් කල පුද්ගලයින් 338 දෙනෙකු අද (6) සිය නිවෙස් බලා පිටත් විය.

මෙම පුද්ගලයින්  බ්ලූ වෝටර්ස්f හෝටලය , ඉරණමඩු, ගල්කන්ද, පිටිපන යුද හමුදා සේවා බලකාය, රාජගිරිය ආයුර්වේද රෝහල සහ බුස්ස නිපුන නිරෝධායන මධ්‍යස්ථානහිදී  නිරෝධායනය වී ඇත.

වෛද්‍ය පරික්ෂණයන්  සම්පූර්ණ කිරීමෙන් පසු ඔවුන් වෙත  නිරෝධායන සහතික ලබා දී ඇත.

මේ අතර, ත්‍රිවිධ හමුදාව විසින් මෙහෙයවන නිරෝධායන මධ්‍යස්ථානවලදී  නිරෝධායනය අවසන් කළ පුද්ගලයින් 12,071 දෙනෙකු සිය නිවෙස් සඳහා පිටත්ව ගොස් ඇත.

තවද, දිවයින පුරා ත්‍රිවිධ හමුදාව විසින් මෙහෙයවන නිරෝධායන මධ්‍යස්ථාන 45 ක පුද්ගලයන් 4,878 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටී.