‘ඉටුකම ’ COVID-19 අරමුදල් ශේෂය රු. මිලියන 1,374 ඉක්මවයි

ජුනි 10, 2020

ආයතනික හා තනි පරිත්‍යාග සහ  සෘජු තැන්පතු හේතුවෙන්‘ඉටුකම ’ COVID-19 සෞඛ්‍ය  හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රු. මිලියන 1,374 ඉක්මවා ගොස් ඇත.  

මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් රු. 14,133,164.86 ක් සහ  මධ්‍යම පළාත් අධ්‍යාපන සේවා සහ ණය සමුපකාර සමිතිය විසින් රු. 200,000 ක් අරමුදලට පරිත්‍යාග කළේය. නොර්වුඩ් ප්‍රාදේශීය  සභාවේ සභාපති කේ. කේ. රවී විසින් රු. 50,000 ක් සහ අදාළ චෙක්පත් මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ  විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ඊයේ (ජූනි 9)දින  ජනාධිපති කාර්යාලයේදී භාර දෙන ලදී.

තවද , ඌව පළාතේ ආණ්ඩුකාර රාජා කොල්ලුරේ විසින් රු. 11,612,217.02 ක් ද, දකුනු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ විසින් රු. 20, 273,541.85 සහ උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම් චාල්ස් විසින් රු 3,000,000 ක් ද මෙම අවස්ථාවේදී අරමුදලට පරිත්‍යාග කළහ.

මේ අතර නැගෙනහිර පළාතේ ආණ්ඩුකාර අනුරාධා යහම්පත් විසින් නැගෙනහිර පළාතේ සිවිල් සේවකයින් සහ රාජ්‍ය නොවන සංවිධාන විසින් ලබා දුන් රු 40,000,000 ක් පරිත්‍යාග කරන ලදී. මීට අමතරව රු. 20,000,000 ක්  බස්නාහිර පළාත්  ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් දී එයාර් ෆොස් ඩබ්ලිව්.ඩී.එම්. රොෂාන් ගුණතිලක  විසින් භාර දෙන ලදී.

මේ වන විට ‘ඉටුකම ’ COVID 19 සෞඛ්‍ය  හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය  1,374,575,492.89 ක් ලෙස පවතී.

දේශීය මෙන්ම විදේශීය පරිත්‍යාගශීලීන් ද අරමුදලට සිය දායකත්වය ලබා දී ඇත.

මීට අමතරව, ඩයල් ටෙක්ස්ටයිල් ඉන්ඩස්ට්‍රීස් (පුද්ගලික) සමාගම විසින් රු. 3,000,000 ක් ද, නීල් උමාගිලියා විසින් රු. 1,000,000 ක් ද සහ ලයිට් විෂන් ෆෝ සයිට් හොස්පිටල් ට්‍රස්ට් විසින් රු. 10,000,000 පරිත්‍යාග කර ඇත.

ශ්‍රී ලංකාව - ඕස්ට්‍රේලියා - නවසීලන්ත ව්‍යාපාරික සභාව  රු. 500,000 ක් සහ ර නීතිඥ ඩී. ලක්සිරි මෙන්ඩිස් විසින් රු. 500,000 ක් අරමුදලට පරිත්‍යාග කර ඇත.

ඉටුකම  COVID - 19 සෞඛ්‍ය  හා සමාජ ආරක්ෂණ අරමුදලට කරන පරිත්‍යාග බදු සහ විදේශ විනිමය රෙගුලාසි වලින් නිදහස් කර ඇත. චෙක්පත්, විදුලි පණිවුඩ හුවමාරු මගින් හා  www.itukama.lk හරහා හෝ # 207 # අමතා තැන්පතු කළ හැකිය.

වැඩි විස්තර සඳහා 0760700700/0112320880/0112354340 හෝ 0112424012 අමතන්න.