පසුගිය පැය 24 තුල වාර්තා වුයේ කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් දෙදෙනෙකු පමණි

ජුනි 10, 2020

අද (10) දින උදෑසන 6.00 න් අවසන් වූ පැය 24 තුළ තහවුරු වී ඇත්තේ කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් දෙදෙනෙකු පමණක් වන බවත් ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙකු විදෙස්ගතව සිට මෙරටට පැමිණි අයෙකු වන බවත් අනෙක් පුද්ගලයා නාවික හමුදා සාමාජිකයෙකු වන බවත් හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ පැවසීය.

PCR පරීක්ෂණ  අවසන් කිරීමෙන් පසුව  නිරෝධායන සහතික ලබාගත් පුද්ගලයින් 61 දෙනෙකු යුද්ධ හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වල සිට සිය නිවෙස් බලා පිටත්ව ගොස් ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.

හමුදාවන් විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වලදී නිරෝධායනය අවසන් කර පිටව ගිය පුද්ගලයින් සංඛ්‍යාව 12,452 දක්වා ඉහල ගොස් ඇති අතර,පුද්ගලයින් 5118 දෙනෙකු තවදුරටත් නිරෝධායනය වෙමින් සිටී.