කොරෝනා වෛරසය ආසාදිතව සිටි නැවියන් 637 දෙනෙකු සුවය ලබයි

ජුනි 11, 2020

කොරෝනා වෛරසය ආසාදිත බවට තහවුරු වූ ශ්‍රී ලංකා නාවික හමුදා සාමාජිකයින් 637 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇත.

ඊයේ (ජුනි 10) දින රෝගීන් 08 දෙනෙකු වාර්තා වීමත් සමග මුළු  කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් සංඛ්‍යාව 866 දක්වා ඉහල ගොස් ඇත.

තවද, වෛරසය ආසාදිත බව හඳුනාගත් තවත් නැවියන් 229 දෙනෙක් තව දුරටත් රෝහල්වල ප්‍රතිකාර ලබා ගනිමින් සිටී.