වැල්ලම්පිටියේ වැලි රොහාන්ගේ සමීපතමයෙක් STF අත්අඩංගුවට

ජුනි 11, 2020

සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයෙකු අද (ජූනි 11) දින වැල්ලම්පිටියේ දී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය පවසන පරිදි සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන  ‘වැලි  රොහාන්’ ගේ සමීප මිතුරෙකි.

සැකකරු අත්අඩංගුවට ගන්නා විට ඔහු සන්තකයේ තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 1.5 ක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.

වැල්ලම්පිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.