කිලිනොච්චියේ සිසුන් සඳහා තවදුරටත් අධ්‍යාපනික ආධාර

පෙබරවාරි 06, 2019

ආරක්‍ෂක අමාත්‍යංශය, ආපදා කළමණාකරන අමාත්‍යාංශය සහ ඩයලොග් ආසියාටා පීඑල්සී සමාගම සමග එක්ව දියත් කළ 'සෙනෙහෙ සියපත' සුභසාධන ව්‍යාපෘතිය යටතේ උතුරු පළාතේ පාසල් සිසුන් 3900 කට අධික පිරිසකට විශාල පාසල් උපකරණ තොගයක් බෙදාදීම පසුගියදා සිදුවිය. ඒ අනුව පසුගියදා ඇති වූ ගංවතුරින් ආපදාවට ලක්වූ කිලිනොච්චි ප්‍රදේශයේ පාසල් සිසුන් 3934 දෙනෙකු සඳහා මෙම වැඩසටහන යටතේ පාසල් උපකරණ ලබාදෙන ලදී.

කිලිනොච්චි ප්‍රදේශයේ සේවයේ නියුතු යුද්ධ හමුදා භාටපිරිස්හි පුර්ණ දායකත්වයෙන් පසුගිය ජනවාරි 30 දින සිට පෙබරවාරි 01 දින දක්වා පැවතී මෙම වැඩසටහන සඳහා ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන්ගේ සහ පාසල් බලධාරිගේ නිර්දේශයන් තුලින් පාසැල් 15 කින් මෙම ප්‍රතිලාභින් තෝරාගනු ලැබිණි.