හේලීස් ෆැබ්රික්ස් විසින් මුද්‍රිත රෙදි තොගයක් ශ්‍රී ලංකා යුධ හමුදාවට පරිත්‍යාග කරයි

ජුනි 12, 2020

හේලීස් සමූහය යටතේ පරිපාලනය කරන ප්‍රමුඛ පෙළේ පෞද්ගලික සමාගමක් වන හේලීස් ෆැබ්රික්ස් අද (ජූනි 12) දින  ආරක්ෂක අමාත්‍යාංශයට මුද්‍රිත රෙදි තොගයක් පරිත්‍යාග කළේය.

සමාගමේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්  විසින් මීටර් 11,000 ක කැමා  රෙදි තොගයක් ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න  වෙත  අමාත්‍යාංශයේ දී භාර දෙන ලදී.

ශ්‍රී ලංකා යුධ හමුදාවේ සාමාජිකයින්ට  උණුසුම් හා සීතල කාලගුණික තත්ත්වයන් යටතේ පැළඳීමට  ටී ෂර්ට් සඳහා මුද්‍රිත රෙදි වර්ග දෙක භාවිතා කරනු ඇත.

මෙම අවස්ථාවට හේලීස් සමූහයේ සභාපති මොහාන්  පතිරගේ , හේලීස් ෆැබ්රික්ස් හි කළමනාකාර අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී රොහාන් ගුණතිලක සහ  මානව සම්පත් හා පරිපලන සාමාන්‍යාධිකාරී   ප්‍රසන්න  පතිරණ සහභාගී වූහ.