ඉන්දියානු සමීක්ෂණ නෞකාව කොළඹින් පිටත් වෙයි

පෙබරවාරි 06, 2019

මෙරට මුහුදු සීමාව සිතියම් ගත කිරීමේ එකාබද්ධ වැඩසටහනට සහභාගී වූ ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘ජමුනා’ නෞකාව අද (පෙබරවාරි 06) දින දිවයිනෙන් පිටත්ව ගිය බව නාවික හමුදා නිල වෙබ් අඩවිය පවසයි. කොළඹ වරායෙන් පිටත්වන අවස්ථාවේදී, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව වෙත සමුදීම සිදු කරන ලදී.

කොළඹ සිට ගාල්ල දක්වා මුහුදු සීමාව සිතියම් ගත කිරීමේ එකාබද්ධ වැඩසටහනට සහභාගීවිම සඳහා පසුගිය දෙසැම්බර් 20 වන දින ජමුනා නෞකාව දිවයිනට සේන්දු විය. දිගින් මීටර් 85.77 කින් සහ පළල මීටර් 12.82 කින් යුත් මෙම නෞකාව, නාවිකයින් 230 ක කාර්ය මණ්ඩලයකින් සමන්විත වේ. සිය මිණුම් කාර්යයන් සාර්ථක ලෙස නිමා කිරීමෙන් පසු මෙම නෞකාව අද දිවයිනෙන් පිටත් විය.