පුද්ගලයින් 77 දෙනෙකු නිරෝධායනය අවසන් කරයි

ජුනි 14, 2020

ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායනය මධ්‍යස්ථාන වලදී සති තුනක නිරෝධායන ක්‍රියාවලිය අවසන්කළ පුද්ගලයින් 77 දෙනෙකු අද (ජුනි 14) දින සිය නිවෙස් බලා පිටත්ව ගොස් ඇත.

වස්කඩුව, සිට්‍රස් හෝටලයේදී පුද්ගලයින් 72 දෙනෙකු නිරෝධායනය අවසන් කර ඇති අතර  කල්පිටිය, රුවල හෝටලයේදී පුද්ගලයින් පස් දෙනෙකු නිරෝධායනයට ලක්වී ඇති බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

නිරෝධායන මධ්‍යස්ථාන වලින් පිටත්ව යාමට පෙර ඔවුන් අවසාන වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කරන ලද අතර ඔවුන් වෙත නිරෝධායන සහතිකයද ප්‍රදානය කර ඇත.

මේ වන විට පුද්ගලයින් 13,615 දෙනෙකු ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායනය මධ්‍යස්ථාන වලදී නිරෝධායනයට ලක් වී ඇත.

මේ අතර නිරෝධායන මධ්‍යස්ථාන 44 ක පුද්ගලයින් 4,463 දෙනෙකු නිරෝධායනයට ලක් වෙමින් සිටින බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.