පුද්ගලයින් 14,097 ක් ත්‍රිවිධ හමුදාවේ නිරෝධායන මධ්‍යස්ථාන වලින් පිට වී ඇත

ජුනි 16, 2020

නිරෝධායනය වූ  පුද්ගලයින් 14,097 ක් ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන් යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වලින් පිටව ගොස් ඇති බව කොවිඩ්-19 පැතිරීම  වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
 
මේ අතර, ත්‍රිවිධ හමුදාව විසින්  පවත්වාගෙන් යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 43 ක පුද්ගලයින් 4,384 ක් තවමත් නිරෝධායනය වෙමින් පවතින  බව කොවිඩ්-19 පැතිරීම  වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.