කොරෝනා වෛරස් අසාදිත වූ නැවියන් 740 ක් සුවය ලබයි

ජුනි 16, 2020

කොරෝනා වෛරස් අසාදිත වූ  ශ්‍රී ලංකා නාවික හමුදාවේ සෙබළුන්  740 දෙනෙකු සුවය ලබා සඳුදා (ජූනි 15) දින  රෝහල්වලින් පිටව ගොස් ඇත.

කොවිඩ්-19 පැතිරීම  වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය අනුව, නැවියන් 32 දෙනෙකු ඊයේ දින  සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ . මේ වන විට වාර්තා වී ඇති කොරෝනා වෛරස් අසාදිත නාවිකයින්ගේ සංඛ්‍යාව 882 ක් බව කොවිඩ්-19 පැතිරීම  වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි.

මේ අතර, තවත් කොරෝනා වෛරස් අසාදිත නැවියන් 142 ක් රෝහල්වල ප්‍රතිකාර ලබන  බව කොවිඩ්-19  පැතිරීම  වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වැඩිදුරටත් පැවසීය.