නේපාලයෙන් ,ශ්‍රී ලාංකිකයින් 34 ක් මෙරටට

ජුනි 16, 2020

කොරෝනා වසංගතය හේතුවෙන් නේපාලයේ අතරමංව සිටින ශ්‍රී ලාංකිකයින් පිරිසක් අද (ජූනි 16) දින උදෑසන හිමාලයා ගුවන් සේවයේ  විශේෂ ගුවන් යානයකින් ශ්‍රී ලංකාවට පැමිණියහ.

මෙරටට  පැමිණි 34 දෙනා අතුරින්  වැඩි දෙනෙක් නේපාල විශ්ව විද්‍යාලවල උසස් අධ්‍යාපනය හදාරන සිසුන් බව බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ නිලධාරීන්  පැවසූහ.

පැමිණි  සියලු දෙනා PCR පරීක්ෂණවලට භාජනය කිරීමෙන් පසුව ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන   නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කෙරේ.