හෙරොයින් කිලෝ 6 කට වඩා වැඩි ප්‍රමාණයක් සමග සැකකරුවකු කුරණදී අත්අඩංගුවට

ජුනි 16, 2020

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් සදුදා (ජුනි 15) දින කටුනායක, කුරණ හිදී හෙරොයින් කිලෝ 6 කට වඩා වැඩි ප්‍රමාණයක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට ලද තොරතුරකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ. 45 හැවිරිදි මෙම සැකකරු කටුනායක පදිංචිකරුවෙකු බව පැවසේ.

මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් පවතින බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය පවසයි.