කේරළ ගංජා කිලෝ 6 කට වඩා වැඩි ප්‍රමාණයක් සමග සැකකරුවකු ඕමන්තේදී අත්අඩංගුවට

ජුනි 17, 2020

ඕමන්තෙ පොලිස් බල ප්‍රදේශයේ තුවරන්කුලම්හිදී කේරළ ගංජා කිලෝ 06 කට වඩා වැඩි ප්‍රමාණයක් සමග සැකකරුවකු විශේෂ කාර්ය බලකාය සහ ඕමන්තෙ පොලිසිය ඒකාබද්ධව සිදු කල මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන ඇත.

සෙට්ටිකුලම් විශේෂ කාර්ය බලකා නිලධාරීන් වෙත අඟහරුවාදා (ජුනි 16) දින ලැබුණු තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.
 
මෙම මෙහෙයුමේදී කේරළ ගංජා කිලෝ 6 ග්‍රෑම් 16 ක් සමග 29 හැවිරිදි ඕමන්තෙ  පන්නික්කර්පුලියන්කුලම් පදිංචි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඕමන්තෙ පොලිසිය මේ පිළිබද වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදු කරයි.