කොරෝනා වෛරසයෙන් සුව වූ ප්‍රමාණය 1,421 දක්වා ඉහළට

ජුනි 19, 2020

කොරෝනා වෛරස් අසාදිත රෝගීන් 1,421 දෙනෙකු මේ වන විට සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇත.

මේ අතර, අද (ජුනි 18 ) දින හදුනාගත් තවත් රෝගීන් 23 දෙනෙකුද සමඟ මුළු කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් සංඛ්‍යාව 1947 දක්වා ඉහල ගොස් ඇත.

විදේශයන්හි සිට පැමිණි මෙම පිරිස අතුරින්  19 දෙනෙකු ඩුබායි සිටද  , දෙදෙනෙකු කටාර් සිටද , ලන්ඩනයෙන් සහ රුසියාවෙන් එක් අයෙකු බැගින්ද පැමිණි  බව රජයේ තොරතුරු දෙපාර්තමේන්තුව පවසයි.

කොරෝනා වෛරස් අසාදිත රෝගීන් 515 ක් තවමත් රෝහල්වල ප්‍රතිකාර ලබති.