ශ්‍රී ලංකා නාවික හමුදාව උතුරු මුහුදේදී කේරල ගංජා කිලෝ ග්‍රෑම් 58 ක් අත්අඩංගුවට ගනී

ජුනි 20, 2020

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් යාපනය, කකරතීව් දුපතේ සිදු කල විශේෂ මෙහෙයුමකදී කේරළ ගංජා තොගයක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අන්තර් ජාතික මුහුදු සීමාවේ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන විදේශීය යාත්‍රාවක් පිලිබදව  නාවික හමුදාව වෙත ලද තොරතුරක් මත සිදු කල විශේෂ මෙහෙයුමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

නාවික හමුදා මෙහෙයුමේදී මන්නාරම, සිරිතෝපූර් ප්‍රදේශයේ පදිංචිකරුවන් වන වයස වයස අවුරුදු 30 සහ 40 ක් වන සැකකරුවන් දෙදෙනා,  ඩිංගි යාත්‍රාව සහ කේරල ගංජා කිලෝ ග්‍රෑම් 58 අත්අඩංගුවට ගෙන ඇත.

යාපනය, මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය මෙම සිදුවීම සම්බන්ධයෙන්  ඉදිරි විමර්ශන කටයුතු සිදු කරයි.