මුම්බායි සහ චෙන්නායි හි සිට තවත් ශ්‍රී ලාංකිකයින් 194 දෙනෙකු මෙරටට

ජුනි 20, 2020

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානා දෙකක් චෙන්නායි හි සිට ශ්‍රී ලාංකිකයින් 150 දෙනෙකු සහ මුම්බායි හි සිට ශ්‍රී ලාංකිකයින් 44 දෙනෙකු රැගෙන අද (ජුනි 20) දින බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණි බව ගුවන් තොටුපල රාජකාරි කළමනාකරු ජනිත් විදානපතිරණ  පැවසීය.

තවද, අද උදෑසන ලන්ඩනයේ සිට යූඑල් 504 යානය ද මගීන් 59 දෙනෙකු මෙරටට රැගෙන ආ බව ඔහු වැඩිදුරටත් සදහන් කළේය.

ඔවුන් මෙරටට පැමිණි පසු වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කිරීමෙන් පසුව ත්‍රිවිධ හමුදාව විසින් මෙහෙයවනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙත යවන ලද බවත් විදානපතිරණ defence.lk වෙත පැවසීය.