නිරෝධායන මධ්‍යස්ථාන වලින් පුද්ගලයින් 335 දෙනෙකු අද පිටව ගොස් ඇත

ජුනි 20, 2020

පොම්පෙමඩු මධ්‍යස්ථානය, හෝටෙල් ඊඩන් ගාඩ්න් සහ හෝටෙල් මවුන්ට් ලැවීනියා යන ස්ථානවල නිරෝධායන ක්‍රියාවලීන් අවසන් වූ පුද්ගලයින් 335 දෙනෙකු අද (20) දින සිය නිවෙස් බලා පිටත්ව ගියහ.

පරීක්ෂණ වලින් පසුව, ඔවුන් පිටත්ව යාමට පෙර නිරෝධායන සහතික නිකුත් කරන ලදී

COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත  මධ්‍යස්ථානයට   අනුව, ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන  නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායන වු පුද්ගලයින් 15,411 ක් සිය නිවෙස් සඳහා පිටත්ව ගොස් ඇති අතර නිරෝධායන මධ්‍යස්ථාන 42 ක තවමත් පුද්ගලයින් 3,634 ක් දින 14 ක නිරෝධායන ක්‍රියාවලියක නිරතව සිටිති.

තවත් COVID-19 අසාදිතයින්  තිදෙනෙකු ඊයේ වාර්තා වූ අතර COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත  මධ්‍යස්ථානයට   ට අනුව ඔවුන්, ඉන්දියානු ජාතිකයෙකු ඇතුළු විදේශයන්හි සිට පැමිණි අය වේ.