ශ්‍රී ලංකා ගුවන් හමුදාව අඩි අටක බුද්ධ ප්‍රතිමාව මුල්කිරිගල රාජා මහා විහාරය වෙත ගුවනින් ගෙන යයි

ජුනි 20, 2020

MI -17 වර්ගයේ හෙලිකොප්ටරයක් යොදා ගනිමින්  ඊයේ (ජුනි 19) වීරකැටිය  හි මන්දාදූව   ක්‍රිඩාංගනයේ  සිට මුල්කිරිගල රාජා මහා විහාරය දක්වා ගුවන් මගින්  මෙම ටොන් 3.5 ක් බරැති, උස අඩි අටක් උස බුද්ධ ප්‍රතිමාව ගෙන ගොස් ස්ථානගත කළේය.

මෙම ප්‍රතිමාව මෙතෙක් ගුවනින් රැගෙන ගිය බරින් වැඩිම  වස්තුව  වන අතර එය විශේෂයෙන් නිර්මාණය කරන ලද   වේදිකාවක තබා  නාවික සැතපුම් තුනක් පමණ ගමන් කර අඩි  270 ක උසකට  ගෙන යන ලදි .

මෙම ඓතිහාසික  මෙහෙයුම ගුවන් හමුදාපති, එයාර් මාෂල් සුමංගල ඩයස්ගේ උපදෙස් පරිදි සිදු කරන ලදී.