මීගමුව බන්ධනාගාරයේ සිට මෙහෙයවූ මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ තිදෙනෙකු පොලිස් අත්අඩංගුවට

ජුනි 21, 2020

මීගමුව බන්ධනාගාරයේ සිට මෙහෙයවූ වූ මත්ද්‍රව්‍ය ජාවාරමක් පොලීසිය විසින් අනාවරණය කරගැනීමෙන් අනතුරුව කටුනායක කදවුරේ සේවය කරන ගුවන් හමුදා සාමාජිකයෙකු ඇතුළු සැකකරුවන් තිදෙනෙකු ඊයේ (ජූනි 20) අත්අඩංගුවට ගෙන ඇත.

මීගමුව බන්ධනාගාරයේ රැදවියෙකු සහ කටුනායක ගුවන් හමුදා කදවුරේ සේවය කරන ගුවන් හමුදා සැරයන්වරයකු එක්ව මෙහෙයවන මෙම ජාවාරම  පිළිබද බස්නාහිර පළාත් පොලිස් බුද්ධි කොට්ඨාසය වෙත ලද තොරතුරක් මත සිදු කල විමර්ශනයකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු සීදූවේදී අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබූ හෙරොයින් ග්‍රෑම් 100 ක් සහ කේරළ ගංජා ග්‍රෑම් 400 ක් ද අත්අඩංගුවට ගෙන තිබේ.

සිදුකල වැඩිදුර විමර්ශන වලදී කේරළ ගංජා කිලෝග්‍රෑම් දෙකකට අධික ප්‍රමාණයක්ද සමග මීගමුව බන්ධනාගාර රැඳවියාගේ බිරිඳ සහ සහෝදරයෙකු අත්අඩංගුවට ගැනීමට හැකි විය.
බන්ධනාගාර රැඳවියාගේ උපදෙස් මත ඔවුන් මත්ද්‍රව්‍ය මෙහෙයුම මෙහෙයවා ඇති බව පොලිසිය පවසයි.

සීදූව සහ මිනුවන්ගොඩ පොලිස් ස්ථාන මේ පිලිබඳ විසින් වැඩිදුර විමර්ෂණ සිදු කරයි.