කොරෝනා වෛරසය ආසාදිතයින් කිසිවෙකුත් වාර්තා වී නොමැත – NOCPCO

ජුනි 21, 2020

පසුගිය පැය 24 ක කාලය තුල කොරෝනා වෛරසය ආසාදිතයින් කිසිවෙකුත් වාර්තා වී නොමැති බව කොවිඩ් -19 පැතිරීම  වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත  මධ්‍යස්ථානය අද (ජූනි 21 ) පැවසීය.

මේ වන විට ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානවලදී නිරෝධායන ක්‍රියාවලිය අවසන් කල පුද්ගලයින් 15,553 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වලින් පිටව ගොස් ඇත.

ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 39 ක පුද්ගලයින් 3,756 දෙනෙකු මේ වන විටත් නිරෝධායනයට ලක් වෙමින් සිටි.

මීට අමතරව, විදෙස්ගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් 14 දෙනෙකු සහ නාවික හමුදා සාමාජිකයින් 12 දෙනෙකු සුවය ලබා ඉරිදා (ජූනි 21) රෝහල්වලින් පිටව ගොස් ඇත