කොරෝනා වෛරස් රෝගීන් 1,498 ක් සුවය ලබා ඇති අතර රෝගීන් 441 ක් තවමත් වෛද්‍ය ප්‍රතිකාර ලබති

ජුනි 22, 2020

අද (ජූනි 22) දින පෙ.ව. 6.00 න් අවසන් වූ පැය 48 තුළ නව අසාදිතයින් කිසිවෙකු හමු වී නැති අතර සමස්ත කොරෝනා වෛරස් අසාදිත රෝගීන් 1,950 ක් වේ.  

මේ අතර, වෛරස් ආසාදිත රෝගීන් 1,498 දෙනෙකු මේ වන විට සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ.  

මීට අමතරව අසාදිතයින් 441 දෙනෙකු තවමත් රෝහල්වල වෛද්‍ය ප්‍රතිකාර ලබති.  

පළමු දේශීය රෝගියා හඳුනාගත් 2020 මාර්තු 11 වන දින සිට මේ දක්වා වාර්තා වී ඇත්තේ මරණ 11 ක් පමණි.